තවත් කොස්තාපල්වරියකට ප්‍රවාහනයේදී අතවරයක්

ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන පාදුක්ක මාදුලාව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු කොස්තාපල්වරිය රාජකාරී විවේකය වාර්තාකර කොළඹ සිට තම නිවස වෙත ලංගම බස් රථයෙන් යමින් සිටියදී මෙම ලිංගික අතවරය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය දා ප්‍රවාහනයේදී කාන්තාවන්ට හා දරුවන්ට වන ලිංගික හිංසන සොයා බැලීම පිණිස පොලිස් මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා ගිය කොස්තාපල්වරියක්ද බසයේදී හිංසනයට ලක් වූ බවයි වාර්තා වූයේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles