මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඉල්ලා රණ්ඩු කරලා: පියා මිටි පහර දී පුතු මරා දමයි

ඊයේ 18 රාත්‍රී කාලයේ දී කුඹුක්ගැටේ පොලිස් වසමෙන් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා. ඒ 60 හැවිරිදි පියෙකු විසින් මිටියකින් පහරදී සිය පුතු මරු තුරුළට යැවීමයි.

වයස අවුරුදු 30ක් බව කියන පුත්‍රයා මත්ද්‍රව්‍යයට දැඩි සේ ඇබ්බැහි වූවෙකු බව පොලිසිය පවසනවා. අපරාධය සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ඉල්ලා පියා සමග ආරවුලක් ඇති කරගෙන සිටියදී බවත් පියා විසින් නිවසේ තිබුණු මිටියකින් පුත්‍රයාගේ හිසට පහර දී ඇති බවත් වාර්තා වුණා.

කුඹුක්ගැටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles