ඇමතිතුමා ජීවතුන් අතර හිටිය නම් මට මෙහෙම වෙන්නෑ: සනත් නිශාන්තගේ රියදුරු අධිකරණයේදී හඬා වැටෙයි

රිය අනතුරක් හේතුවෙන් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් අතෘප්තියට පත්ව ඔහුගේ බිරිඳ ගොනු කළ නඩුව ඊයේ (19) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.

එහිදී ඇමැතිවරයාගේ රථය පැදවූ ප්‍රභාත් එරංග දුල්නේෂා යන අය අධිකරණය හමුවේ මෙසේ කියා සිටියා.

“සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ”

කෙසේ වෙතත් මේ නඩු විභාගය වෙනුවෙන් මෙම රියදුරා මෙන්ම ඇමැතිවරයාගේ රථය ගැටුණු කන්ටේනරයේ රියදුරාද කැඳවා තිබුණා.

අතෘප්තියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ රථයේ රියදුරා විදේශගත වීමේ සූදානමක් ඇති හෙයින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, අධිකරණය කියා සිටියේ අතෘප්තියට පත් පාර්ශ්වය එසේ ඉල්ලුවද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන කඳාන පොලිසිය එවැන්නක් ඉල්ලා නැති හෙයින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවකාශයක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles