‘යුක්තිය‘ මෙහෙයුමේ හුළං බහින ලකුණු

මත්ද්‍රව්‍ය සහ පාතාල ජාවාරම් මඬින බව කියමින් යුක්තිය මෙහෙයුම නමින් මහජන ආරක්ෂක ඇමැති සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපෘතිය නැවැත්වීමට සිදුවී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දින කිහිපයේ එහි පෙර පැවති ප්‍රචාරකවාදී බව අඩු කර ඇත්තේ ඒ නිසා බවයි පැවසෙන්නේ.

ඒ අතර පොලිසිය විසින් නාරම්මල ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව රුපියල් මිලියන 200ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක් ගොනු කිරීමද එයට හේතුවක් බව ආරංචිමාර්ග වාර්තා කරනවා.

යුක්තිය නමින් කරන ලද ආන්තික මෙහෙයුමෙන් පුරවැසියන්ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කෙරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා කරුණු දැක්වූවා. එසේම මෙරටද සිය ගණනක් සංවිධාන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ පක්ෂග්‍රාහී සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ස්වභාවය ගැන විරෝධය පළ කරනු ලැබුවා.

ඉතා කුඩා ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය සහ ඒවාට ඇබ්බැහි වූ වින්දිතයන් අත්අඩංගුවට ගත්තද රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිසිවෙක් කොටු නොවීමද කතාබහට ලක්ව තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන සමයේදී කිලෝ ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ මේ මෙහෙයුම සංසන්දය කර බොහෝ දෙනා අදහස් දක්වනවා.

යුක්තිය මෙහෙයුම අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය සහ මහජනතාව අතර තිබූ සම්බන්ධය වඩාත් නරක අතට හැරී ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles