ශිෂ්‍ය භට පුහුණුවේ ගුටි කෙළියක් : 17ක් රෝහලේ

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මූලික රෝහල අද (21) ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා.

රෝහලට ඇතුළත් කළ සියලු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරීම්වලින් අනතුරුව ‌රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles