රාජ්‍ය සේවකයෝ හලෝ කියන්නෑ : පේරාදෙණියෙන් අනාවරණයක්

රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකතන භාවිතය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසින්.

එහිදී හෙළිදරව් වී ඇත්තේ රජයේ සේවකයන් ජනතාවට විවෘත කර ඇති දුරකතන අංකවලින් 49%ක් ක්‍රියාවිරහිත බවයි. 22%ක් අංක ක්‍රියාත්මක වුවද ප්‍රතිචාර නොදක්වන බව හෙළිව තිබෙනවා.

මෙම අංක හරහා නිලධාරීන් සම්බන්ධ කරගැනීමට හැකිව තිබෙන්නේ 29%ක් පමණක් බවයි දැක්වෙන්නේ.

මෙම අධ්‍යයනය දිස්ත්‍රික්ක 25ක් පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම අධ්‍යයන ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙන්නේ රාජ්‍ය ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂ්මතාව බවයි අදාළ අධ්‍යයනය කළ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles