ආගමන විගමන දෙපාර්තමේන්තු තීරණයක් ගැන ජනපති නියෝගයෙන් පරීක්ෂණයක්

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් දින 14ක් තුළ රටින් පිට විය යුතු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා. ඒ ඔවුන් වෙත ලබා දී තිබුණු ගාස්තු අයකිරීමකින් තොරව වීසා කාලය දීර්ඝ කිරීම අහෝසි කරන බව දන්වමින්.

කෙසේ වෙතත් කැබිනට් අනුමැතියකින් තොරව මෙලෙස තීරණයක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපතිවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි තීරණයක් රජය නිල වශයෙන් ගෙන නැති තත්වයක මෙසේ නියෝග නිකුත් කිරීම ගැන පරීක්ෂණය ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles