පුත්තලමේ හොර ෆාමසියක් වටලයි

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නීතිය බල ගැන්වීමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා පවසනවා.

පැමිණිල්ලකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් එක්වී මෙම වැටලීම සිදුකර තිබූ අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව මීට පෙර ආහාර හා ඖෂධ පරික්ෂකවරුවන් විසින් දැඩි අවවාද කර එම ස්ථානයෙන් ඖෂධ ඉවත් කරන ලෙසට දැනුම් දීමක්කර තිබූ අතර එය නොතකමින් ඖෂධ අලෙවිය පවත්වාගෙන ගිය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව අලෙවි කිරීම සදහා තිබු ලක්ෂ 10 කට අධික විවිධ ඖෂධ වර්ග සියල්ල පුත්තලම ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන එම ස්ථානයට මුද්‍රා තැබීමට කටයුතු කළ බවද ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles