මැරුණු සැමියාගේ සිරුර නරක් වෙන තුරු දොරවල් වසාගෙන ඉඳලා: පානදුරේ අමුතු සිදුවීමක්

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටි කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය වාර්තා කරනවා.

පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ අඹුසැමි යුවළක් පදිංචිව සිටි නිවසකින් අධික දුගඳක් හමන බවට පානදුර දකුණ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් විමර්ශන පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි පුද්ගලයකු වන බවත් මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ නිවස තුළ සැමියාගේ මළසිරුර තබාගෙන නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති අතර පසුව ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇඳක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ අදාළ කාන්තාව කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles