සෞඛ්‍ය අමාත්‍යංශයේ අක්ෂි කාච අවුලක්: මගඩියක් දැ යි සොයන්න පරීක්ෂණ

නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගන්නා ලෙසට එම අමාත්‍යංශයේ ප්‍රධානීන් දෙදෙනෙකු කරන ලද බලපෑමක් ගැන වාර්තා වෙනවා.

මෙම අක්ෂි කාච තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් විසින් ගෙන්වා ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

කෙසේ වෙතත්, දිවයින පුරා කිසිදු රෝහලක අක්ෂි කාච නොමැති තත්වයක් මේ වන විට පවතින අතර මේ තත්වයට මුවා වී ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච මගඩියක් සිදු කිරීමට කෙරෙන වෑයමක් දැ යි සැක පහළ වී තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles