ලෝක තෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

වැඩි වී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව ප්‍රමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව ඔවුන් සඳහන් කරනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති බවත් අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 76යි ශත 14ක් ලෙස සටහන් වන අතර ම ඩොලරය ශක්තිමත් වීම තුළින් අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles