ලංකාවට නව ඇමෙරිකන් තානාපතිනියක්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කර ඇති අතර ශ්‍රී ලංකා රජය මෙම පත්වීම සඳහා සිය එකඟතාව ලබා දී බව වාර්තා වෙනවා.

කැත්‍රින් හෝස්ට් එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කර ඇති  බවයි සඳහන් වන්නේ.

කැත්‍රින් යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවලද තානාපති නිලධාරිනියක ලෙසද සේවය කර තිබෙනවා.

වර්තමාන ඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් 2022 පෙබරවාරි මාසයේදී මෙරට තානාපතිනිය ලෙස වැඩ භාර ගනු ලැබු අතර ඇයගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles