අවන්හල් සේවකයා සෝපානයේ සිරවෙයි

හෝමාගම ගොඩගම සුප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවී එහි සේවකයකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලික රෝහල පවසනවා.

අදාළ සේවකයා විදුලි සෝපානය භාවිතා කරමින් පහළ මාලයේ සිට භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිටියදී එක් වරම විදුලි සෝපානයේ ආධාරක කේබලයක් කැඩී යාමෙන් අනතුරක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් භාණ්ඩ තොගයක් ඉහලට රැගෙන යමින් සිටි මෙම සේවකයාගේ පාදය සිරවී තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි මෙම තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles