යේමන කැරලිකරුවෝ ඉන්ටනෙට් බිඳ දමතැයි බියක්

යේමන හූති කැරලි කණ්ඩායම විසින් මුහුද යට අන්තර්ජාල කේබලවලට හානි කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස අන්තර්ජාල කේබලවලට හානි සිදු වීමෙන් යුරෝපය හා ආසියාව අතර සන්නිවේදන කටයුතුවලට බාධා පැමිණීමේ ඉහළ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

සවුදි අරාබිය හා ජිබුටි අතර ඇති රතු මුහුදේ සන්නිවේදන කේබල් ප්‍රමාණයකට මෙසේ හානිකර ඇති අතර මෙම තත්ත්වය මත ආසියාව හා යුරෝපය අතර සන්නිවේදන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වීමේ අවදානමක් ඇති බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles