තලගොයින් අල්ලා විකුණන ගොයියෝ දෙන්නෙක් කොටු වෙලා

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් තලගොයින් අල්ලා මස් පිණිස විකුණන පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ සැකකරුවන් විසින් රක්ෂිතයෙන් තලගෙයින් අල්ලා විවිධ පුද්ගලයින්ට සහ තරු පන්තියේ හෝටල්වලට අධික මිලගණන්වලට විකුණන බවයි විමර්ශන තුළින් හෙළි වි තිබෙන්නේ.

සැකකරුවන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ම පදිංචි 27 සහ 55 යන වයස්හි පසුවන අය වන අතර ඔවුන් සන්තකයේ තිබී රක්ෂිතයෙන් අල්ලාගන්නා ලද තලගොයින් 4 ක් සමග අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් මුලතිව් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles