ජාතික ජනබලවේගය අප්‍රිකානු මහකොමසාරිස් හමුවෙයි

ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසක් ඊයේ (27) ජාතික ජනබලවේගයේ අප්‍රිකානු මහකොමසාරිවරයා හමුවූ බව වාර්තා වෙනවා.

රටේ වත්මන් දේශපාලන තත්වය ඔවුන් වෙත පැහැදිලි කළ බවයි ජාතික ජනබලවේගයේ නියෝජිතයන් පවසන්නේ. ව්‍යවස්ථානුකූල මැතිවරණ, පවත්නා රජයේ තත්වය, ජාතික ජනබලවේගය මේ විට ලබාගෙන තිබෙන ජනප්‍රිය බව ආදී කරුණු එහිදී තවදුරටත් සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කිරීමට කැමැති බවත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ජාතික ජනබලවේගය වෙනුවෙන් එහි විධායක කමිටු සභික නලින්ද ජයතිස්ස සහ විධායක කමිටු සභික චමින්ද ජයසූරිය සහභාගි වූ අතර අප්‍රිකානු මහකොමසාරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරිය අප්‍රිකානු කොමසාරිස් කාර්යාලය නියෝජනය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles