රොනී සමු ගනී

මෙරට ප්‍රකට දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වූ රොනීද මැල් ඊයේ (27) අභාවයට පත්ව තිබෙනවා.

මෙරට ප්‍රබල ආර්ථික වෙනස්කම් සිදු කරනු ලැබුවේ ඔහු මුදල් ඇමැතිව සිටි සමයේදීයි. 1977-1988 කාලය තුළ ඔහු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර මෙරටට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දෙන්නේද එම සමයේදීයි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට ආ රොනී පසුව එක්සත් ජාතික පක්ෂයට එක්ව කටයුතු කළා. ජනපති ජයවර්ධනගේ උපදේශකයෙකු ලෙසද ඔහු කටයුතු කරනු ලැබු අතර 2004 වසර දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයක්.

රොනීද මැල් ඉතිහාසයට එක්ව සිටින්නේ වැඩිම අය-වැය ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයා ලෙසින්. එම ප්‍රමාණය 11ක්.

මිය යන විට 99 වියේ පසු වුණු ඔහුගේ අවමංගල්‍ය පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles