දේශබන්දු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කියන්න එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබුණා. ඊයේ (27) සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කර තිබු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලනු ලැබුවා.

එහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීම සඳහා බෞද්ධ හිමිවරු හත් නමකට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර ඇති බවයි.

පහත හිමිවරු ඊට ඇතුළත් ව සිටිනවා.

  • කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි
  • රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය අකුරැටියේ නන්ද හිමි
  • කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
  • කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
  • ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
  • තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම හිමි
  • උඩුවේ ධම්මාලෝක හිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles