මහනුවර පාස්පෝට් කාර්යාලය අසල කලබැගෑනියක්

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වු බව වාර්තා වෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවයි ජනතාව චෝදනා කරන්නේ.

දුර බැහැර ඈත ප්‍රදේශවල සිට එහි පැමිණ දින කිහිපයක් රැඳී සිටි පිරිසක් හා අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වී ඇති අතර මේ පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වී ඇත්තේ සංවිධානාත්මක කල්ලියක් විසින් එම ස්ථානයේ පෝළිමේ රැඳී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් නීතිවිරෝධී ලෙස මුදල් අයකරගන්නා අතර මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළින්ම එහට සහාය ලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles