යෞවනියන්ගේ සිහින කුමරා ඉතාලියේ දී අය කරන මුදල ගැන පුදුම හිතෙන කතාවක්!

ඔහු සංගීත කලාවේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්. එහෙමත් නැත්නම් ප්‍රසාංගික වේදිකාවේ ඉහළ අයකිරීමක් කරන තරුවක්.

රියැලිටි කලාව අද වගේ වසංගතයක් නොවූ කාලෙක, ස්මාර්ට් ෆෝන් නොතිබූ කාලෙක රූපවාහිනී සුපර්ස්ටාර් වැඩසටහනක අවසන් පස්දෙනා අතරට ද ආපසු සුපිරි තරුවවේ යැ යි වැඩිදෙනා අපේක්ෂා දල්වා ගෙන සිටියේ ඔහු.

ඔටුනු නොපලන් සුපිරි තරුව.

ශිහාන් මිහිරංග…
ළයාන්විත හඬත්, ප්‍රාසාංගිකත්වයත්,ආකර්ෂණීය පෙනුමත් දෙක තුනම එකට පිහිටි තරුණයෙක්.

ඒ වෙද්දී ඔහුට 21යි.

එදා පටන් ඔහුට රසික රසිකාවියන්ගෙ ආකර්ෂණයෙ අඩුවක් වුණේ නෑ. විශේෂයෙන් ම රසිකාවියන්ගෙ.

ඒ ඔහු වටා හැදුණු රැල්ල අද උමතු රැල්ලක් වගේ එකක් වෙලා කියලා පහුගිය දවස්වල අපි දැක්කා.ශිහාන් කියන්නෙ බොහෝ තරුණියන්ගේ ක්‍රශ් එකක්. ඒක රහසක් නොවන රහසක්.

මේ සේරමත් එක්ක ඔන්න ශිහාන් ට තියෙන ඉල්ලුම තවත් ඉහළ ගිහින්. ඒක ශිහාන්ට ආදරේ කරන පිරිසට අපූරු ආරංචියක් වේවි.

ඒ තමයි අලුත්ම විදිහෙ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ඔහු මේ වෙද්දී ඉතාලියට ගිහින් ඉන්නවා කියන එක. මෙතෙක් කලකට
ලංකාවෙන් ඉතාලියට ගෙන්නන ගායන ශිල්පීන් අතරින් වැඩිම පිරිවැයක් වෙන් කරලා ගෙන්නලා තියෙන්නේ ශිහාන් කියලයි ආරංචි. මීට කලිනුත් ශිහාන්ට ඉතාලියේ බොහෝ සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබුණත් ඔහුගේ මිලට එකඟ නොවූ නිසා ඒවාට සහභාගී නොවූ බවත් ඒ එක්කම කියැවෙනවා.

මේ ප්‍රසංගයට නව පරපුරේ ගායන ශිල්පිනි ෆැලන් ඇන්ඩ්‍රියා ද ඔහු හා එක්ව සිටීමත් විශේෂත්වයක්.
මාර්තු 03 දා ඉතාලියේ මිලානෝ නගරයේ රොමාන්තිකා නමින් පැවැත්වීමට නියමිත මේ ප්‍රසංගයට අලුත් සංගීත තාක්ෂණයක් වගේ ම විවිධාංග රැසක් එක් කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න සූදානමින් ඉන්නව කියලා සංවිධායකයන් කියනවා.
ප්‍රසංගයේ ප්‍රවේශපත්‍රයක් මේ වන විට යුරෝ 40 ට අලෙවි වුණත් එදිනට යුරෝ 60 ට පවා අලෙවි වේ යැයි ද ඉඟි පළ වෙනවා.

ප්‍රසංගය සඳහා ඉතාලි බිමට පා තැබූ ශිහාන් ගුවන් තොටුපොළේ සිට සිය ආදරණීය රසිකයන් වෙනුවෙන් වචනයක් කතා කරන්නත් අමතක කළේ නෑ.

” කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම සංගීතය කියන්නේ විහිළුවක් නෙවෙයි. ඒකට ගරුත්වයක් තියෙනවා ඒක අපේ වෘත්තිය. ඒක හරි තැනක හරි විදිහට පිහිටුවන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. මාර්තු 03 රොමාන්තිකා බලන්න එන්න කියලා ආරාධනා කරනවා.”

ජීවිතයේ අවසාන කාලයේ දී මනුස්සකම හොයාගත්තා. සල්ලි ඉතුරු කරගත්තේ නෑ කියලා කියන කලාකරුවන්ට ශිහාන් හොඳ පණිවිඩයක් දෙනවා කියලා හිතෙනවා.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles