ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් පූර්ව වටයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගියදා (01) අවසන් වුණා.

පිළිමළුන් පිටුදැකීමේ ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භයට පෙර ම මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත් වීම නිසා ඔවුන් සමඟ අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි ලීග් ශූර CR & FC කණ්ඩායම නිතරගයෙන් ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

එමෙන්ම මෙම සතියේ දී පැවැත්වුණ ඉතිරි තරග තුනෙන් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ පොලිස් ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles