ගිනි ගන්න අව්වේ දරුවන් දණ ගස්වලා: පරීක්ෂණයක් ඉල්ලති

අධික අව් රශ්මිය පවතින මේ කාලයේ නාරාහේන්පිට පාසලක ගුරුවරියක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා.

එම දරුවන් දණගසාගෙන සිටින ස්ථානයේ අදාළ ගුරුවරිය රැඳී සිටින ආකාරය ද ඒ දර්ශන පෙළින් දැකිය හැකි අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි එම දෙමාපියෝ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසන්නේ මෙවැන්නක්,

“මෙවැනි ක්‍රියා මා අනුමත කරන්නේ නැහැ. ඊටත් මේ කාලයේ පවතින අව්ව එතරම් හෙඳ නැහැ.දරුවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් අහිතකරයි. ගුරුවරුන්ට වුණක් චක්‍රලේඛ පනවා තිබෙනවා. කාටවත් දරුවන්ට ශාරීරික දඬුවම් කරන්න බැහැ. විශේෂයෙන් අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ව දැනුවත් කිරීම අවශ්‍යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles