ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නඩුව : සැකකරු පාපෝච්ඡාරණයට සූදානම්!

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ලබා දී රුපියල් කෝටි ගණනක් රජයට වංචා කිරීම සම්බන්ධ නඩුවට අදාළ සැකකරුවෙකු ලෙසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු එම නඩුවේ 10 වැනි විත්තිකරු ලෙස නම් කරන්නැයි නි.සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඉල්ලා සිටියා.

එහිදී ඇය මෙසේ පැවසුවා,

“ස්වාමිනි, මේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රාව කියන්නේ ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් වැඩිම මුදලක් ගෙවා මිලදී ගන්නා එන්නත් මාත්‍රාව. එක් මාත්‍රාවක් රුපියල් 45,000ක්. එවැනි වටපිටාවක තමයි මේ නඩුවේ පළමු සැකකරුට රජයේ මුදල් රුපියල් බිලියනයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න සෙසු සැකකරුවන් ආධාර අනුබලදීලා තියෙන්නේ. නඩුවේ පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරුට අයුතු ලාභ ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසීමට සෙසු සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී තිබෙනවා. ඒ අනුව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් 8වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්ව වංක චේතනාවෙන් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තමයි සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මෙම නඩුවේ 10 වන සැකකරු ලෙස නම්කරන්නැයි මා ඉල්ලා සිටිනවා.”

සැකකරු දින 14ක් සඳහා රක්ෂිත බන්ධානාගාරගත කිරීමට විනිසුරුවරිය සූදානම් වනවාත් සමඟම සැකකාර අතිරේක ලේකම් සමන් රත්නායක තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව කියා සිටියා.

ඒ අනුව සඳුදා (4) ඔහු විනිසුරුවරිය ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබෙනවා. මෙහිදී තීරණාත්මක කරුණු හෙළිදරව් විය හැකි බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles