සේවය අත් හිටවූ සැරයන්ගේ නිවසට හානි කරලා

නාගොඩ වලකුඹුර අත්කම් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස් සැරයන්වරයකුගේ නිවස ඉදරිපිටදී අහසට වෙඩිතබා සැකකරුවන් පිරිසක් පලාගොස් ඇතැයි පොලීසිය පවසනවා.

නිවස ඉදිරිපිටට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ නිවසේ ජනෙල් වීදුරු දෙකකට ගල් ගසා කුඩු කර අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පුද්ගලයන් සැරයන්වරයාගේ ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් සහ ජංගම දුරකතනයක්ද රැගෙන පළා ගොස් ඇති බවත් මේ සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles