හිරගේ කඩාගෙන 4000ක් පැනලා: හයිටියේ හදිසි තත්වයක්

හයිටි රාජ්‍යයේ පෝර්ට්-ඔ-ප්‍රින්ස් නගරයේ ප්‍රධාන බන්ධනාගාරයක් කඩා බිඳ දමා සිරකරුවන් 4,000ක් පළාගොස් තිබෙනවා.

සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එම බන්ධනාගාරයේ රැඳවියන් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ගැටුම් අතරතුර පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද සඳහන්.

මෙම ප්‍රහාරවලට සම්බන්ධ සන්නද්ධ නායකයින් පවසා ඇත්තේ, මේ වන විට විදේශගත වී සිටින අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉවත් කිරීම සඳහා බලපෑම් කිරීමට මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මෙවැනි සන්නද්ධ ගැටුම් හයිටිය තුළ 2020 සිට ක්‍රියාත්මක වන අතර මෙම තත්ත්වය හමුවේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හයිටි රජය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles