තෙවැනි ලොව ණය උගුලට එරෙහි ප්‍රකාශනයකට කෙටුම්පත් සැකසෙයි

2024 මාර්තු 01 වැනිදා රටවල් 6ක් නියෝජනය කරමින්, 40කට වැඩි වෘත්තිය සමිති, බහුජන සංවිධාන, ආර්ථික විශ්ලේෂකයන්, නීතිඥයන් සහ ක්‍රියාකාරිකයන් ණය අර්බුදය සහ එය වැඩකරන ජනතාවට බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස් වී තිබෙනවා. මෙය ‘එක්වෙමු‘ සංවිධානය විසින් සංවිධානය කළ අතර එහිදී ආසියානු කලාපය පුරා රටවල ණය තත්වය එක හා සමාන බවත්, රජයන් විසින් දේශීය බලවතුන් ශක්තිමත් කරමින් වැඩකරන ජනතාව පීඩාවට පත් කරමින් අසාධාරණ ලෙස ණය උගුලක සිර කරන ආකාරය පිළිබඳවත් අදහස් පළ කෙරුණා.

එහි ප්‍රතිඵල ලෙස වැඩකරන ජනතාව නිහඬ කරන කම්කරු නීති සංශෝධන සකස් කරමින්, කම්කරුවන් සංවිධානය වීම මෙන්ම කම්කරුවන්ට ඇති ආරක්ෂාවන් දුර්වල කිරීමත්, කම්කරුවන් හාමත් කරන වැටුප් මට්ටම් පවත්වාගෙන යෑමත්, පුද්ගල ණය උගුල්වල ධීවරයන් හා ගොවීන් සිර කිරීමත්, උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය සම්පත් විකිණීමත් තුන්වැනි ලෝකයේ රටවල් පාලනයකින් තොර වූ මූල්‍ය ප්‍රවාහයන්ට (ධනය අනීතිකව විදේශ රටවලට යැවීම) නිරාවරණය කරමින් ආර්ථික අස්ථාවරත්වයක් ඇති කිරීමත් සිදු වීම වැනි කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා.

මෙම වැඩසටහනට සහභාගිවූ පිරිස පෙන්වා දුන්නේ තුන්වැනි ලෝකයේ වැඩකරන ජනතාව මෙම ණය ගෙවීම්වලට සහ එහි ප්‍රථිඵලයක් ලෙස තවත් පීඩා විඳින්නට එකඟතාව පළ කරන්නේ නැති බවයි. තුන්වැනි ලෝකයේ රටවල් සිරකරමින් සදාකාලික අවසංවර්ධනයක තබා ගන්නා මෙම ණය උගුල පිළිබ‍‍ඳ ප්‍රකාශනයක් සකස් කිරීම උදෙසා කෙටුම්පතක් එහිදී ඉදිරිපත් කෙරුණා.

සෑම රටකම පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වයන් හඳුනාගැනීම සහ වාර්ගිකත්වය, කුලය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතර සමාජ බෙදීම් ඉස්මතු කරමින් ජනතාව බෙදන අන්ත දක්ෂිණාංශයේ නැගීමට එරෙහි වීමේ ක්ෂණික අවශ්‍යතාවය පිළිබඳවද එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles