පොලිසියේත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පිරිසක්: පොලිස්පති අනාවරණය කරයි

මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පොලිසියේ 134ක් හඳුනාගෙන ඇති බවත්, ඒ සියලු දෙනා පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසනවා.

පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් පසු පෙරේදා (2 වැනිදා) සවස අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දුටු පොලිස්පතිවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවා,

“අද සමාජයේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී ඇති මත්ද්‍රව්‍ය භාවිතය පොලිසිය තුළ පමණක් ඇති නොවීමට හේතුවක් නැහැ. ඒ අය වහාම වෛද්‍යවරු හමුවට ඉදිරිපත් කිරීමටත්, එය මගහැර යාමට කටයුතු කරන අය වහාම ඉවත් කිරීමටත් පියවර ගන්නවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles