මියන්මාර් ත්‍රස්ත ග්‍රහණයේ සිටි පිරිසක් නිදහස්

මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.


තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙලෙස මුදාගෙන ඇති බවයි.

ඒ අනුව එම අදාළ කාලාපයේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මියන්මාර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අද පෙරවරුවේ මුදාගෙන ඇති අතර එම පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්ෂිතව රඳවා ඇති බව වාර්තා වෙනවා.

අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර තවදුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles