සමන්තභද්‍ර හිමිට වැඩ වරද්දන්න හිමිවරු පිරිසක් පෙරට

මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම (සමන්තභද්‍ර හිමි) හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂු සංවිධානය මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇති බව සඳහන් වෙනවා.

ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් තවදුරටත් කටයුතු කරමින් මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන නිසා මෙම ඉල්ලීම කළ බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles