විශාල වටිනාකමකින් යුත් රත්රන් තොගයක් රේගුවේදී අල්ලයි

කටුනායක ගුවන් තොටුපොළ හරහා නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රත්තරන් කිලෝග්‍රෑම් 9කට අධික තොගයක් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

රත්තරන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී එම රත්තරන් තොගය අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳ වැඩි දුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles