මීවනපලානේ ස්ත්‍රී දූෂකයෙක් වහා පියවර ගන්න: මහ නා හිමිවරු ජනපතිට ලියති

කරුණු විකෘති කරමින් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැළී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, මල්වතු පාර්ශවයේ මහා නායක, වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක හිමි, මකුලාවේ ශ්‍රී විමලාභිධාන රාමඤ්ඤ මහ නිකායේ මහානායක මහ නාහිමි ඇතුළු හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියේ සඳහන් වන්නේ,

”ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ගරු ජනාධිපතිතුමන් ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇත.”

යනුවෙන් එම ලිපියේ සඳහන් වෙනවා.

මේ වන විට ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු සාපරාධි අපරාධ ගණනාවක් පිළිබඳ චෝදනා ලැබ ඇති මෙම තැනැත්තා සිරිසේන හපුතන්ත්‍රී යන අනන්‍යතාව භාවිත කරමින් රජයේ විශ්‍රාම වැටුප ද ලබා ගනිමින් විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු පරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදුකරනු ලබන ධර්ම විකෘතීන්ට අනුග්‍රහ දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහු වෙත ලබා දෙන බවටත් කරුණු හෙළි වී ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

දීර්ඝ ලෙස කරුණු දක්වමින් ලියා යොමු කර ඇති එම ලිපියෙන් වහා මෙම විනාශය නැවතීමට මැදිහත් වන ලෙසයි ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles