කාන්තාවකට තඩි බෑ ආණ්ඩුකාර පුතා පොලිසිය වටලද්දී පැන ගෙන

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදී කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන්  අත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමඟ ම ඔහු පළා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.

සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැකකරු රැඳී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම හෝටලය වැටලූ පොලිසිය එය පරික්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝභෝගී ජීප් රථය හා ඒ තුළ තිබී ජංගම දුරකතනයක් පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

පහර කෑ එම කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත්ව ඇති බවත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි 34 හැවිරිදි එම කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් ද සැකකරුට එරෙහිව ලබා ගත් බවත් පොලිසිය පවසනවා.

මෙම පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර සැකකරු සහ එම කාන්තාව අතර පවතින යම් සබඳතාවයක් බිඳී යාම හේතුවෙන් මෙම සිද්ධිය වන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles