බැසිල් ආවොත් රනිල් එපා : ප්‍රසන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වඩා හොඳ ජනාධිපති අපේක්ෂකයෙකු සොයා ගැනීමට සිදුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දෙන ගැටලුව මෙය බවයි ඔහු පවසන්නේ.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂට තරඟ කිරීමට කාලය එළඹ නොමැති අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තරඟ නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහු සහය දෙන බව ද ඇමැතිවරයා සඳහන් කරනවා.

ජනාධිපති වික්‍රමසිංහ මෑත කාලීන තීරණවලට දැඩි ලෙස සහාය දක්වන රණතුංග, පක්ෂය වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළහොත් ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පිළිබඳව ද තීරණය කිරීමට තමාට සිදුවනු ඇතැයි ද අනතුරු අඟවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles