කැන්ටිමේ කතට අතවර කළැයි විදුහල්පති රිමාන්ඩ්

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට සැකකාර විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇති අතර ඒ අනුව දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles