පාසල් සිසුවිය සහ පෙම්වතා අයිස් එක්ක අල්ලයි

වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු වන බවත් ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර, සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාවට සන්තකයේ තබාගත් බවයි.

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව අතර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාරගේ රධානත්වයෙන් පරීක්ෂණ පවත්වන බව වැඩි දුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles