27 වියැති තරුණ වෛද්‍යවරයා නිවස තුළම මිය ගිහින්

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවස තුළ මිය ගොස් සිටියදී ඊයේ (මාර්. 3) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

එසේ මිය ගොස් ඇත්තේ, ගාල්ල, බටගන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි කරාපිටිය රෝහලේ එක්ස් – රේ අංශයේ සේවය කළ 37 හැවිරිදි වෛද්‍යවරයෙක්.

මෙම වෛද්‍යවරයා පමණක් නිවසේ සිටි අවස්ථාවක වස වර්ගයක් පානය කර මිය ගොස් ඇති අතර පසුව ඔහුගේ බිරිඳ විසින් ඒ බව පොලිසියට පැමිණිලි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී ඊයේ සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles