පුතා පොලිසියට එන්නෙ හෙට: ආණ්ඩුකාරයා කියයි

තම පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් හෙට (05) පොලිසියට ඉදිරිපත් වන බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් පවසනවා. එම නිසා අත්අඩංගුවට ගැනීම අත්හැර නොමැති බවත් ඒ බව පොලිසීය විසින් පිළිගන්නා බවත් ඔහු පවසනවා.

හැව්ලොක් ටවුන් මහල් නිවාස සංකීර්ණයේදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කර තිබෙන්නේ.

සෙනසුරාදා අලුයම මෙම කාන්තාවට ජමාල්ඩීන් පහර දී ඇති අතර, තුවාල ලැබූ ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles