චරිත්ගේ නායකත්ව ඉනිමෙන් ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය ඊයේ (04)දා බංගලාදේශයේ Sylhet ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ නායක Najmul Hossain Shanto විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි. ඒ අනුව පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශයට ලබා දුන්නා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමි වූ අතර, ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ නිත්‍ය නායක වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් වෙනුවට මහීෂ් තීක්ෂණ, අවිශ්ක ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අද (04) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා. අද දිනයේ ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් දියත් කළ මෙම වේගවත් ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ 12ක් ඇතුළත් වීම වඩාත් විශේෂ සිදුවීමක්.

ලකුණු 206ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේදී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 203ක් පමණයි. Jaker Ali වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 34 කදී වේගවත් ලකුණු 65ක් රැස් කර ගැනීමට සමත්වුණා. තරගයේ වීරයා සම්මානය චරිත් අසලංකට හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles