දියණිය සලෙළුන්ට විකුණා, දූෂණය කළැ යි පොලිස් පැමිණිලි දාලා: කලියුගයේ මවක් දැලේ

මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ඇති බව මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයින්ට විකිණීම නිසා මවගෙන් ගැලවීම සඳහා කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවටත් හෙළී වි ඇති බව බඩල්ගම පොලිසිය පවසනවා.

මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශගතව සිට පැමිණීමෙන් පසු වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇති බව සහ ඇය නිතරම විදේශිකයින් ඇසුරු කිරීමට පෙළඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයින්ට විකිණීමේ ද නිරත වී ඇති බවත් දියණියගේ පහස ලබාගත් පුද්ගලයින් දියණිය දූෂණය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත ඇය පැහැරගැනීමට ලක්ව ඇති බවයි. තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පරීක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවයි පොලිසිය පවසන්නේ.

කටුනායක ප්‍රදේශයේ නිවසක රැදී සිටිමින් රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇති බාල වයස්කාර දියණිය ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර මව සමග යාමට අකමැත්ත පළ කිරීම නිසා සුදුසු බාරකරුවකු යටතට පත් කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles