කතානායකට එරෙහි විශ්වාසභංගයේ නවතම තත්වය

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත වෙනවා.

කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කර සමගි ජනබලවේගය මූලිකව මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පණත සම්බන්ධයෙන් කතානායකවරයාගේ ක්‍රියාකලාපයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවයි චෝදනා නැගෙන්නේ. මේ යෝජනාවට සමගි ජනබලවේගය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. ජවිපෙ සහ දෙමළ දේශපාලන පක්ෂ ද විශ්වාස භංගයට සහයෝගය දෙනු ලබන බවට ඉඟි පළ වෙනවා. කෙසේ වෙතත් නිමල් ලාන්සා ප්‍රමුඛ කණ්ඩායම කතානායකවරයා වෙනුවෙන් සහය පළ කරන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles