අපිටත් වැරදෙනවා: බැසිල් කියයි

තම පක්ෂය කිසිදිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

අද (05) උදෑසන දිවයිනට පැමිණිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ පවසා තිබෙන්නේ නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව සහ කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බවයි.

වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට ද බලාපොරොත්තු වන බවත් ඔහු පවසා ඇති අතර ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

“අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles