62 වියැති අයෙක් එන්නත් 217 ක් විදගෙන

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසනවා.

මෙම සිද්ධිය “The Lancet Infectious Diseases” ජර්නලයේ සඳහන් වෙන අතර එම මාත්‍රා පුද්ගලිකව මිලදී ගෙන මාස 29ක් ඇතුළත එන්නත් කර තිබූ බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් පැවසුවේ එම පුද්ගලයාට එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇතිවී නොමැති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles