රිය අනතුරෙන් පුතු මිය ගිහින් : පියා අනතුර කළ අයට ඇසිඩ් ගහලා!

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රත්නපුර මූලස්ථාන පොලීසිය පවසනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයකු, ඔහුගේ බිරිද සහ මාර්ගයේ ගමන් කරමින් සිටි දරු තිදෙනෙක් බවටයි සඳහන් වන්නේ.

පසුගිය 2023 වසරේ අප්‍රේල් 23 දින රත්නපුර නව නගරයේ දී සිදු වූ මාරක රිය අනතුරක ප්‍රධාන වගඋත්තරකරුවන්ට ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවත් නඩුව සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාල රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles