කාදිනල් හිමි පැත්ත මාරු කරලා

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී කළ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පැවැති ප්‍රචණ්ඩත්වය සහ වින්දිතයන් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

එහිදී කාදිනල් හිමි වැදගත් කරුණු ගණනාවක් මතු කර ඇති අතර, පාස්කු ප්‍රහාරය, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, මාධ්‍ය නිදහස සීමා කිරීමේ නීති ආදිය ද එම ප්‍රකාශයට අඩංගු වී තිබෙනවා.

කෙසේ වෙතත්, උතුරු-නැගෙනහිර සිදුවීම් සම්බන්ධයෙන් කාදිනල්වරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ පළමුවරටයි.

මෙයට පෙර ඔහු මේ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ආරක්ෂාකාරී පිළිවෙතක් වුණා.

2012 වර්ෂයේදී මන්නාරම රදගුරු රායප්පු ජෝසප් සහ අනෙකුත් සාමාජිකයන් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට ලිඛිතව පැමිණිලි කළ විට කාදිනල් හිමි එය විවේචනය කරනු ලැබුවා.

2018 වසරේදී ඔහු මානව හිමිකම් සම්බන්ධයෙන් කියා සිටියේ මානව හිමිකම් බටහිර ලෝකයේ අලුත් ආගම බවයි.

අපේ අභ්‍යන්තර ප්‍රශ්න අපටම විසඳාගත හැකි බව කී කාදිනල් හිමිගේ ස්ථාවරයන්ගේ පැහැදිලි වෙනසක් සලකුණු වෙන බව දේශපාලන විචාරකයන් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles