26 වියැති තරුණියගේ සිරුර කුලී කාමරයේ

කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ කාමරයක් තුළ 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

ඇය සමඟ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා සමග ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහු විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී තිබෙන අතර ඇය පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී තිබෙනවා.

සැකකරු පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදු කරන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles