කෝප් සභාපති රෝහිතගේ හොරකම් ඔප්පු කරනවා – විජිත

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපති ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, තමාට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් නඩු පවරන බව පසුගිය දා කියා සිටියා.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටින්නේ, ඔහු එම නඩු පැවරීම හොඳ දෙයක් බව මෙන්ම, ඔහුට විරුද්ධව ඇති චෝදනා ඔප්පු කිරීමට තමන් සූදානම් බවයි.

මෙය නඩු කටයුත්තක් බවට පත්වීමෙන් රෝහිතට ඇති චෝදනා ජනතාව හමුවේ එළිදරව් කළ හැකි බවයි ඔහු පවසා ඇත්තේ.

තමා හොරෙක් නම් එය ඔප්පු කරන ලෙස රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් අභියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles