ජෝන් සීනාගේ නිරුවතට දුන් මාධ්‍ය ප්‍රසිද්ධිය අපේ තුඹයාට නෑ: මහින්ද අමරවීර

ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට යෑම ගැන සමහර මාධ්‍ය දුන් ප්‍රසිද්ධිය රටේ කෘෂිකර්මාන්තයේ ඉහළ ආදායම් ලැබූ තරුණ ගොවීන්ගේ ප්‍රවෘත්තිවලට ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලාංකික තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් සිටින අතර කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ තරුණ ආකර්ෂණය ඉහල ගොස් ඇති බව අමාත්‍යවරයා කියා සිටිනවා.

තුඹයා ලෙස ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර හයක එළවළු වගාව නිරීක්ෂණයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

තුඹ කරවිල වගාවෙන් රුපියල් මිලියන ගණනක් උපයා ඇති අතර ඒ වගේම කැරට්, බීට් රූට්, සලාද කොළ මෙන්ම ගෝවා ද මේ වන විට එහි වගා කර තිබෙනවා.

නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කරමින් මෙහි එළවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිත කරමින් පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles