සීදූව 27 වියැති දෙදරු මව ඝාතනයට සැක 22 තරුණයා අල්ලයි

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළ දී දෙදරු මවක් ඝාතනය කළ සැකකරු වේදනානාශකයක් අධිමාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක් වූ මඩංවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් යටතේ බලංගොඩ මුලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

පසුගිය 14 වනදා රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 27 හැවිරිදි දෙදරු මව ඝාතනය වු අතර එම ඝාතනය වූ කාන්තාව මෙම සැකකරු සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ බවට අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට හෙළි වී ඇති බවත් ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ බවයි.

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමට සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැක පළ කළ බවත් 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබෙන බවත් සඳහන් වෙනවා.

මෙම සිදු වීම සම්බන්ධයෙන් අදාළ සැකකරු සිය මිතුරෙකුට දුරකතනය ඔස්සේ සියලු දේ පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles