ශ්‍රී ලංකා – බංග්ලාදේශ් සටන අදයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා.

තරගය පෙරවරු 9.30ට චිතගොංහි දී ආරම්භ වීමට නියමිත අතර මේ වන විට තරග 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම ජයගෙන තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට අද තරඟය අහිමි වී ඇති බවත් ඒ දෙවන එක්දින තරගය අතරතුර දී ඔහු පාදයේ ඇති වු ආබාධයක් හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන්ට ද අද තරඟය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් ද අද සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ජාකර් අලී කැඳවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles