රෝහිත එක්ක හැපෙන්නේ උසාවියේ : ජාජබ තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධනට කළ අපහාසයක් සම්බන්ධයෙන් විජිත් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව එන්තරවාසියක් යොමුකළ ද ඊට පිළිතුරු නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබෙන්නේ රෝහිත අබේගුණවර්ධන නඩු පවරන්නේ නම් ඔහු විශාල ධනයක් උපයා ගත් ආකාරය පිළිබඳ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන බවයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක දී නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ නඩුව අතරමඟ ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles